ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 23 ක්

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3195ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ දිනයේ තවත් ආසාදිතයන් 23දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
ඔවුන් කටාර්, කුවේට්, ඉන්දියාව සහ ඩුබායි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිසක්.
කටාර් රාජ්‍යයේ සිට පැමිණි 19ක්, ඉන්දියාවේ සිට පැමිණි එක් අයෙක්, ඩුබායි සිට පැමිණි අයෙක් සහ කුවේට් සිට පැමිණි දෙදෙනෙකු ඒ අතර වනවා.
මෙරටින් හමුවූ ආසාදිතයන්ගෙන් 200 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 2983ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 12ක්.
765 Views
Comments