කලා බාහිර උපාධි ලියාපදිංචිය නවතී

කලා බාහිර උපාධි පාඨමාලා සඳහා නව ලියාපදිංචිය තාවකාලිව නතර කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
කලා බාහිර උපාධිය යටතේ දැනට පවතින විෂයන් පිළිබඳව අධ්‍යනය කිරීමට සහ නව විෂයන් හඳුන්වාදීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට පිවයර ගත් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.
ඉදිරියේදි රැකියා ඉලක්ක කරගනිමින් නව විෂය මාලාවක් කලා බාහිර උපාධි පාඨමාලා සඳහා හඳුන්වා දෙන බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
මේ වන විට කලා විෂයට අදාළව පවතින විෂය මාලාවන් දිගු කාලයක් තිස්සේ නවීකරණය වී නොමැති බවත් ඒ හෙතුවෙන් බොහෝ සිසුන් විෂයන් කිහිපයක් පමණක් හැදිරීමට යොමු වි තිබෙන නිසා මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් මෙරට විශ්ව විද්‍යාල මගින් පවත්වාගෙන යන කළමනාකරණ සහ විද්‍යා ඇතුළු අනෙකුත් බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදංචිය නතර කර නොමැති බව ද ඔහු පැවසී ය.
1885 Views
Comments