නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවන්න ගිය අලාභය රජය ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවන්න ගිය අලාභය රජය ඉල්ලයි

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවන්න ගිය අලාභය රජය ඉල්ලයි

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සිදුවූ අලාභය පිළිබඳ පූර්ණ වියදම් ඇස්තමේන්තුවක් වහාම සකස් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා බලධාරීන්ට ඊයේ (06 වැනිදා) උපදෙස්දී තිබේ.

 

අදාළ නෞකාවේ ගින්න සම්බන්ධයෙන්, නාවික හමුදාපති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සහ වෙළෙඳ නාවික කටයුතු පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග ඊයේ (06 වැනිදා) සවස නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව නීතිපතිවරයා එම උපදෙස් ලබාදී තිබේ. නීතිපතිවරයා එම සාකච්ඡාවේදී ලබාදුන් උපදෙස් පිළිබඳව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙසේ සඳහන් කළාය.

 

ඊයේ (6 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවේදී නීතිපතිවරයා විසින් ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදීමක් සිදුවුණා. විශේෂයෙන්ම මෙම සිද්ධිය නිසා ශ්‍රී ලංකා රජයට සිදුවූ අලාභය සහ වියදම්වල දැනට පවතින තත්ත්වය සලකා බලා පූර්ණ වියදම් සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් අදාළ ආයතන වෙත සම්බන්ධීකරණය කර පිළියෙල කිරීමට උපදෙස් ලබාදුන්නා.

 

එසේම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට මෙම නෞකාව තිබෙන ස්ථානයට ගියහොත් එම ප්‍රදේශයට වූ දූෂණය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසද නීතිපතිවරයා උපදෙස් ලබාදුන්නා. නීතිපතිවරයා මෙම සියලුම කටයුතු සිදුකිරීමේදී මෙරටට පැමිණෙන විදේශ කණ්ඩායම්වලට කොවිඩ් මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබාදුන්නා. එමෙන්ම අලාභය නිසා තෙල් කාන්දුවක් ඇතිවීමේ සම්භාවිතාව සහ පරිසරයට සිදුවිය හැකි හානිය පිළිබඳ තක්සේරුවක් ලබාගන්නා ලෙසටත්, එවැනි අවස්ථාවක් ඇතිවුවහොත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ක්‍රමවේද හරියාකාරව සකස් විය යුතු බව නීතිපතිවරයා අවධාරණය කළා.

 

views

862 Views

Comments

arrow-up