පාස්කු ප්‍රහාරය දැන වගකීම් කැඩූ නිලධාරීන්ගේ නිල ඇඳුම් ගැලවිය යුතුයි

පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් කටයුතු නොකළ නිලධාරීන් ජනාධිපති කොමිසමට ගොස් කිඹුල් කඳුළු වගුරමින් ඇඟ බේරා ගන්නට හදන බවත්, තම වගකීම ඉටු නොකළ නිලධාරීන්ගේ නිල ඇඳුම් ගළවා දැමිය යුතු බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.
රාගම, තේවත්ත අප ස්වාමි දුවගේ ජාතික බැසිලිකාවේ ඊයේ (30 වැනිදා) පැවැති රෝගීන්ට ආසිරි ගැන්වීමේ දේවමෙහෙයකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව කීය. එහිදී උන්වහන්සේ මෙසේද කියා සිටියේය. මම රජයෙන් ඉල්ලා සිටිනවා ආගම සහ භාෂාව පදනම් කරගත් සියලු පක්ෂ තහනම් කරන්න කියලා. එම පක්ෂවලින් කරන්නේ රට බෙදීම විතරයි. එමෙන්ම පාස්කු ප්‍රහාරයේ වැරැදිකරුවන් හිමිහිට හංඟලා එළියට දාන්න කටයුතු කරනවා නම් යම් කිසි රජයක් ඒ රජයට මම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. පැවැති ආණ්ඩුව මෙය හරියට විමර්ශනය කළේ නෑ. හොඳටම කරුණු දැනගෙන ඉදිද්දීත්, ඒ ගැන මුකුත් කළේ නෑ. තවමත් ඇඟ බේරාගන්න හදනවා.
729 Views
Comments