ඉන්දියාවෙන් සහල් මෙට්‍රික්ටොන් 11000ක් දිවයිනට

ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් සහල් මෙට්‍රික් ටොන් 11000ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වී ඇති බව වාර්තාවනවා.
සහල් තොගය රැගත් කෙනෙක් "චෙන් ග්ලෝරි" නෞකාව අද කොළඹට ළඟා වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන බහු ආංශික සහයෝගීතාව යටතේ පසුගිය සතිය තුල පමණක් සහල් මෙට්‍රික් ටොන් 16000ක් මෙරටට ලබා දී තිබෙනවා.
දෙරට අතර සුවිශේෂී සබඳතාව පිළිඹිඹු කරන මෙම ආධාර තවදුරටත් අඛණ්ඩව සිදු කිරීමට ඉන්දීය රජය පියවර ගන්නා බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.
1142 Views
Comments