නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යන්න නිවසක සැඟව සිටියදී තරුණයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගනී (VIDEO)

නීති විරෝධී ලෙස රටින් පිටව යාමට බලා සිටී ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු හලාවත නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (13) සවස හලාවත ඉරණවිල ප්‍රදේශයේ නිවසක සිදු කළ හදිසි පරික්ෂා කිරීමක් අතරතුර දී නාවික හමුදාව විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මොවුන් නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සිට ඇති අතර එහිදී, මෙම නිවසේ සැඟවී සිටී සැකකරුවන් 14 දෙනෙකු පළමු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පිරිසට නවාතැන් සැපයූ පුද්ගලයා ද මෙම පිරිස අතර සිටින බව වාර්තා වනවා.
මේ සැකකරුවන් මඩකලපුව, මුලතිව්, යාපනය, පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
462 Views
Comments