අංගොඩ ලොක්කාගේ මවගේ සහ සොහොයුරියගේ DNA සාම්පල ලබාගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
13

අංගොඩ ලොක්කාගේ මවගේ සහ සොහොයුරියගේ DNA සාම්පල ලබාගනී

අංගොඩ ලොක්කාගේ මවගේ සහ සොහොයුරියගේ DNA  සාම්පල ලබාගනී

ඉන්දියාවේ දී මිය ගිය බව කියන මෙරට සංවිධානාත්මක අපරාධ කරුවෙකු ව සිට අංගොඩ ලොක්කාගේ මරණය නිසැක වශයෙන් ම තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ මවගේ සහ සොහොයුරියගේ DNA සාම්පල ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා

 

ඉන්දියාව විසින් මෙරට ජාත්‍යන්තර පොලිස් ඒකකයට කර තිබූ දැනුම්දීමකට අනුව ඔහුගේ මව සහ සොහොයුරිය රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කර මෙම සාම්පල් ලබා ගත් බව ද හෙතෙම කීය.

 

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව මෙම සාම්පල ලබා ගැනීම සිදුකර තිබිණි.

 

මෙම වාර්තා ලැබුණු පසු ඒවා කඩිනමින් ම ඉන්දියාව වෙත යොමු කරන බවත් ඒ අනුව පරීක්ෂණ පවත්වා අංගොඩ ලොක්කා නැමැත්තා නිසැකයෙන්ම මියගිය බවට තහවුරු කරගත හැකි බවද අජිත් රෝහණ මහතා කීය.

 

කළුතර එතැන මඩළ ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කල සිද්ධියෙන් පසු අංගොඩ ලොක්කා ඉන්දියාවට පලාගොස් තිබිණි.

 

වසර කිහිපයක් පුරා ඉන්දියාවේ සැඟව සිටි අංගොඩ ලොක්කා නැමැත්තා එහිදී ඇති වූ හදිසි රෝගයකින් අනතුරුව මිය ගිය බවට එරට මාධ්‍ය වාර්තා කර තිබිණි

views

668 Views

Comments

arrow-up