ශාන්තිකර්මය අස්සේ කතකට අමන වැඩක් කළ කපුවා කපෝති

හලාවත, මාදම්පේ, සෙම්බුකට්ටිය ප්‍රදේශයේ දේවාලයක ශාන්තිකර්මයක් සිදුකිරීමට පැමිණි කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන කපුවෙකු මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 26 වෙනි දින රාත්‍රියේ අදාල සැකකරුව අත්අඩංගුවට ගැනීම සිදුවිය.
අත්අඩංගුවටගත් සැකකාර කපුවා එම ප්‍රදේශයේම ඔහුගේ හිතවතෙකුගේ නිවසේ මෙම දේවාලය පවත්වාගෙන යන අතර සිද්ධියට මුහුණ පෑ කාන්තාව ශාන්තිකර්මයක් සිදුකිරීමට ඇගේ මව සමඟ එම දේවාලයට ගොස් තිබේ.
එම අවස්ථාවේදී ශාන්තිකර්මය සිදුකිරීමට යම් දෙයක් අවශ්‍ය බව පවසා එම දේවාලය පිහිටි නිවසේ මුළුතැන්ගෙයට ගොස් එය රැගෙන එන ලෙස කපුවා විසින් මවට පවසා ඇත.
ඒ අතරතුර කාන්තාවට ලිංගික අතවර කිරීමට කපුවා උත්සාහ කළ බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව පොලිසියට පවසා තිබේ.
මෙම දේවාලය පවත්වාගෙන යන කපුවා දුම්මලසූරිය යගන්වෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මීට මාස 7කට පමණ පෙර ඔහු මෙම ගම්මානයට පැමිණ හිතවතුන්ගේ නිවසක දේවාලය පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව ප්‍රදේශවාසීන් කියයි.
එම අත්අඩංගුවට ගැනීම සිදුවීමෙන් අනතුරුව ප්‍රදේශයේ කාන්තාවන් මෙන්ම කුඩා ළමුන් කීපදෙනෙකුටද ලිංගික අතවර කිරීමට මොහු උත්සාහකර ඇති බව ප්‍රදේශවාසීහු පැවසුහ.
කෙසේ වුවද එම සිද්ධීන් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර නැත්තේ සමාජයට මුහුණදීමට නොහැකි වීම හේතුවෙන් බව සිද්ධියට මුහුණ දුන් අයගේ දෙමව්පියන් සහ ඥාතී හිතවතුන් කියා සිටිති.
අත්අඩංගුවට ගත් පුද්ගලයා විවාහකයෙකු වන අතර වයස අවුරුදු 8 සහ 10 දරුවන් දෙදෙනකුගේ පියෙකු බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර කපුවා හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
942 Views
Comments