මින්නේරිය රක්‍ෂිතයේ කෙනර මරා පැටවා රැගෙන ගියාද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

මින්නේරිය රක්‍ෂිතයේ කෙනර මරා පැටවා රැගෙන ගියාද?

මින්නේරිය රක්‍ෂිතයේ කෙනර මරා පැටවා රැගෙන ගියාද?

මින්නේරිය වනජීවි නිලධාරීන් විසින් මීට දින කිහිපයකට පෙර මියගිය බවට සැක කෙරෙන කෙනරකගේ සිරුරක් සොයාගෙන තිබේ.

 

ඒ, මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් ගල්ලිඳ මහවැව ප්‍රදේශයේදීයි.

 

කොළඹ ප්‍රධාන කාර්යාලයට ලද දුරකථන ඇමතුමක් මත සිදු කෙරුණු මෙහෙයුමකදී මින්නේරිය රක්ෂිතය මැද මෙම කෙනරගේ සිරුර හමු වූ බවයි මින්නේරිය වනජීවි නිලධාරීන් පැවසුවේ. 

 

සති දෙකකට පෙර මෙම කෙනර මරා දමා සඟවා ඇතැයි විශ්වාස කෙරේ.

 

පසුගිය දිනවල අලි පැටවුන් සොරකම් කරන බවට ලැබුණ තොරතුරු මත වනජීවී නිලධාරීන් වැටලීම් කිහිපයක්ද කෙනර මියගිය ප්‍රදේශයේ සිදුකොට ඇත. 

views

804 Views

Comments

arrow-up