ඊයේ දින ආසාදිතයන් හදුනාගත් ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේ (28) මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 352 දෙනෙකු හඳුනා ගත බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 83,242ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
හඳුනාගත් ආසාදිතයින් අතරින් දෙදෙනකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වනවා ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 112 ක් වනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිස තලංගම ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 56 ක්.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේන් 57 දෙනෙකුත් ,මහනුවර දිස්ත්‍රික්කයේන් 18 දෙනෙකුත් ,කළුතර දිස්ත්‍රික්කයේන් 16 දෙනෙකුත හදුනාගෙන තිබෙනවා
674 Views
Comments