සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබෙන දිනය මෙන්න

2020 නිට නියමිතව තිබු සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා
එම විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා.
අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කර සිටියා.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයන් 622,305ක් ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 4,513ක එය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර විභාගය සඳහා පාසල් අපේක්ෂකයන් 423,746ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 198,606ක් පෙනී සිටීමට නියමිතයි.
712 Views
Comments