සුරාබදු නිලධාරීන් පෙම්වතුන් ලෙස ගොස් වැලන්ටයින් සාද 03ක් ගොස් වටලයි

ඊයෙ දිනට යෙදුණු ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සුප්‍රසිද්ධ හෝටල් වල සංවිධානය කර තිබූ වැලන්ටයින් සාද තුනක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ මගින් වටලා තිබෙනවා.
මොරටුව බොරලැස්ගමුව හා උණවටුන යන ප්‍රදේශවල මෙම මත්පැන් සාද 3 පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ.
අදාල සාද සඳහා කලින් ප්‍රවේශ පත්‍ර වෙන් කර තබාගෙන සුරාබදු නිලධාරීන් උපාය දූතයන් ලෙස ඒ සඳහා සහභාගී වී තිබෙනවා.
පෙම්වතුන් සඳහා විදේශීය මත්පැන් අධික මිල ගණන් යටතේ විකිණීම එහිදී සිදු කර තිබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාල පරිශ්‍රවල මත්පැන් අලෙවි කිරීම සඳහා කිසිදු බලපත්‍රයක් නොතිබූ බවද සඳහන්.
එහිදී මත්පැන් 49,300ක් සුරාබදු දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ දහයක් පමණ වන බවයි පැවසෙන්නේ.
සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
673 Views
Comments