බහින්බස්වීම දුරදිගගොස් රත්මලාන රොහාගේ මස්සිනාව කපා මරලා

පොලිස් වෙඩි පහරින් ජීවිතක්‍ෂයට පත්වූ පාතාල අපරාධකරුවෙකු වූ රත්මලාන රොහාගේ මස්සිනා රත්මලාන රස්ටම්වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි අසංක සිල්වා නැමැති 43 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකි.
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පිහි ඇනුමට ලක්වී ඇතැයි පොලිසිය කියයි.
බරපතළ තුවාල ලබා වැටී සිටි අදාල පුද්ගලයා පැය බාගයකට පමණ පසු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
ඝාතනය සිදුකළ පුද්ගලයාද ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාගේ රියදුරෙක් ලෙස කලක් කටයුතු කළ අයෙක් බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
637 Views
Comments