‘ඉන්සියුලින්’ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සැලැස්මක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
19

‘ඉන්සියුලින්’ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සැලැස්මක්

‘ඉන්සියුලින්’ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සැලැස්මක්

මෙරට දියවැඩියා රෝගීන් වෙනුවෙන් ආනයනය කරනු ලබන ඉන්සියුලින් ඖෂධය මෙරටදී නිෂ්පාදනය කිරීමට ඉදිකෙරෙන කර්මාන්ත ශාලාව සඳහා ඊයේ (18) මුල්ගල් තැබීම සිදුකළා.

එය කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ස්ථාපිත කිරීමට නියමිතයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ රදැල්ල සමූහ ව්‍යාපාරයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙරට ඉදිකරනවා.

එය රුපියල් බිලියන 3.5 ක ආයෝජනයක්. කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් දෙවසරක් තුළ (මාස 24ක්) අවසන් කිරීමට ඉලක්ක කර තිබෙනවා.

මේ වනවිට ඉන්සියුලින් ඖෂධය ඉන්දියාව,පාකිස්තානය,බංග්‍ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල්වලින් ආනයනය කරනවා. ඒ සඳහා වාර්ෂිකව වැයවන මුදල රුපියල් බිලියන 3.3ක අගයක්.

සැලසුම්‍ කරඇති පරිදි තවත් දෙවසරකින් එම ඖෂධය ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට නියමිතයි.

 

views

1066 Views

Comments

arrow-up