රැඳවූවන් තිස් දහස පනී - බෝගම්බර සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානය යළිත් බන්ධනාගාරයක් කිරීමට සූදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
12

රැඳවූවන් තිස් දහස පනී - බෝගම්බර සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානය යළිත් බන්ධනාගාරයක් කිරීමට සූදානම්

රැඳවූවන් තිස් දහස පනී - බෝගම්බර සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානය යළිත් බන්ධනාගාරයක් කිරීමට සූදානම්

බෝගම්බර සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානය නැවත බන්ධනාගාරයක් සදහා යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳ නිරීක්ෂණයට ආරක්ෂක ලේකම් එහි සංචාරයක නිරත වුණා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සදහන් කලේ බන්ධනාගාර ඉතිහාසයේ පළමු වරට රැඳවූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 30,000 ඉක්මවා ගොස් තිබෙන බවයි. ඒ මත්ද්‍රව්‍ය සම්බන්ධව මෑතක සිට කරන වැටලීම් හේතුවෙන්.

එසේ නමුත් බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ රැඳවූවන් 11,000 කට පමණ සංඛ්‍යාවකට බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. රැඳවූවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවට අනුව පෙරේදා (09) වන විට රැඳවූවන් සංඛ්‍යාව 30,054ක් සිටින බව සඳහන්.

මේ අතරින් 28,469 දෙනෙක් පිරිමි රැඳවූවන් වන අතර කාන්තා රැඳවුවන්ගේ සංඛ්‍යාව 1,585ක් වේ. අභියාචනා ඉදිරිපත් කළ රැඳවුවන් 1,404 දෙනෙක් මෙන්ම අධිකරණයේ දී විභාග වන නඩු වෙනුවෙන් 21,439 දෙනෙක්ද මේ අතර වෙති. එමෙන්ම වරදකරුවන් වී සිටින රැඳවූවන් සංඛ්‍යාව 7,211 දෙනෙකි.

රැඳවූවෝ අතර ළදරුවෝ හතළිස් අට දෙනෙක්ද මව්වරුන් සමග වවන අතර එම වාර්තාවට අනුව විදේශික රැඳවූ‌වෝ සංඛ්‍යාව එකසිය අනූපහක් වන අතර ඉන් එකසිය පනස් දෙදෙනෙක් පිරිමි රැඳවූවෝ වෙති.

 

views

729 Views

Comments

arrow-up