ලියාපදිංචි නොකළ ආලේපන වර්ග අලෙවිය තහනම් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
12

ලියාපදිංචි නොකළ ආලේපන වර්ග අලෙවිය තහනම් කෙරේ

ලියාපදිංචි නොකළ ආලේපන වර්ග අලෙවිය තහනම් කෙරේ

ජනතාවගෙන් ලද පැමිණිලි අනුව පරීක්ෂාවට ලක්කෙරුණු ආනයනික සහ ලියාපදිංචි නොකළ වෙළෙඳ නාම සහිතව ඉදිරිපත් කරනු ලබන ක්‍රීම් මෙන්ම දියර වර්ග රැසක් සමට අහිතකර බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ ආලේපනවල ඊයම්, ආසනික්, රසදිය සහ කැන්ඩියම් අඩංගු විය යුතු අනුමත උපරිම සීමාවන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව නිෂ්පාදනයේ නම, නිෂ්පාදකයාගේ නම, ලිපිනය, ආනයනකරුගේ නම සහ ලිපිනය, නිෂ්පාදිත සන්නාමය, බර/පරිමාව, කාණ්ඩ හෝ කේත හෝ තොග හඳුනාගැනීමේ අංකය ඇතුළත් විය යුතුයි.

ම්ට අමතරව නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, උපරිම සිල්ලර මිල, අමුද්‍රව්‍ය ලැයිස්තුව, භාවිතා කිරීම සඳහා උපදෙස් අවශ්‍ය වේ නම් අවවාද, අනතුරු හැඟවීමේ ප්‍රකාශන ද එම දවටනවල සඳහන් විය යුතු වන අතර වෙළෙඳසල් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පාරිභෝගික කටයුතු ක්‍රියාත්මක කර තිබේ.

 

views

842 Views

Comments

arrow-up