හෙරොයින් ග්‍රෑම් 75ක් සමඟ සැකකරුවෙකු පුත්තලමේදී අල්ලයි

පුත්තලම - කොළඹ මාර්ගයේ කලපුව ආසන්නයේ සිදු කළ වැටලීමකදී, එම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හෙරොයින් ග්‍රෑම් 75ක් සමග අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අද අලුයම සමත් විය.
තිල්අඩිය ප්‍රදේශයේ පදිංචි මොහු සතු මෝටර් රථ දෙකක්,යතුරුපැදි දෙකක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් දෙලක්ෂ හැට දෙදහසක මුදලක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
මෙම තැනැත්තා කොටි සංවිධානයට අයත් ටී-56 ගිනි අවි තුනක් හා පිස්තෝලයක් ලබා ගෙන සංවිධානාත්මක අපරාධ කල්ලියකට අලෙවි කිරීමේ චෝදනා මත 2008 වසරේ දී අත්අඩංගුවට ගෙන 2018 වසරේ දී නිදහස් වූ අයෙක් බව පොලීසිය පවසයි.
801 Views
Comments