කෘෂිකර්ම ඇමති සහ රාජ්‍ය ඇමති පොහොර ගබඩා වලට හදිසියේ කඩා වදී

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් අද කැලණිය සහ පෑලියගොඩ ප්‍රදේශවල පුද්ගලික පොහොර සමාගම්වල නිරීක්ෂණ චාරිකාවකට එක් වූවා.
රට තුළ දැඩි පොහොර හිඟයක් පවතින පසුබිමක පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පොහොර තොග රඳවා ගෙන සිටින ආකාරය මෙහිදී නිරීක්ෂණය වී තිබුණා.
නිසි පරිදි පොහොර බෙදාදීමට හැකියාව පවතිද්දි අඩු වශයෙන් පොහොර නිකුත් කිරීමට හේතුව අමාත්‍යවරයා මෙම සමාගම් වලින් ප්‍රශ්න කර සිටියා.
නියමිත පරිදි පොහොර නිකුත් නොකරන්නේ නම් සියලුම පොහොර තොග රාජ්‍ය පොහොර සමාගම් මගින් මිලදීගෙන ඒවා බෙදාහැරීමට කටයුතු කරන බවයි මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා පුද්ගලික පොහොර සමාගම වලට දැනුම් දුන්නේ.
647 Views
Comments