මිලියන 10ක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

මිලියන 10ක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මිලියන 10ක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බව කියන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ”‍පානදුර සළිදු”‍ නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ සියයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ මත්කරල් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනුණු බව පානදුර දකුණ පොලිසිය පවසයි.

 

පානදුර පොලිසියට ලද තොරතුරක් මත පානදුර වලපල ප්‍රදේශයේ රැකසිටි පොලිස් කොස්තාපල්වරයෙකු ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු පැකට් 3600ක් , මත්කරල් 210ක් සහ විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

 

සැකකරුගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙන්නේ මෙම මත් ද්‍රව්‍ය සෙසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා තොග වශයෙන් බෙදාහැරීමට යමින් සිටි බවයි.

views

659 Views

Comments

arrow-up