කොරියාවෙන් ප්‍රශ්න පත්‍ර අච්චු ගහන්න කඩදාසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
17

කොරියාවෙන් ප්‍රශ්න පත්‍ර අච්චු ගහන්න කඩදාසි

කොරියාවෙන් ප්‍රශ්න පත්‍ර අච්චු ගහන්න කඩදාසි

කඩදාසි හිඟය මඟහරවා ගැනීමට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා  කොරියානු ජාතිකයන් පිරිසක් විසින් විභාග දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කරනු ලැබීය.

 

 ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං විසින් එම කඩදාසි  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තට සංකේතාත්මකව ප්‍රදානය කරනු ලැබ ඇත.

 

පාසල් දරුවන්ගේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් සිදු කළ මේ ප්‍රදානය බාරගත් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙරට කොරියානු ප්‍රජාවටත්  කොරියානු රජයටත් සිය කෘතවේදීත්වය පළ කළේ ය.

 

  මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ, විභාග කොමසාරිස් ජනරාල්   එල්. එම්. ඩී. ධර්මසේන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගිවූහ.

views

236 Views

Comments

arrow-up