ජනාධිපති ගෙදර නෙවෙයි හිරේ යන්න ඕනෙ..! – ශිහාන් මිහිරංග

වත්මන් ජාතික අර්බුදයට විසඳුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිරගෙට යැවීම මිස ගෙදර යැවීම නොවන බව ශ්‍රී ලාංකික ගායන ශිල්පී ශිහාන් මිහිරංග ඊයේ (04) පවසා සිටියා.
ඒ ජනාධිපතිවරයාට සහ ඔහුගේ පාලනයට එරෙහිව කොළඹදී පැවැත්වෙන මහජන විරෝධතාවයකට එක්වෙමින්.
ඔහු කියා සිටියේ රාජපක්ෂ පවුලේ අයටද රට හැර යාමට ඉඩ නොදිය යුතු බවයි.
රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ සමීපතමයන් රටේ ජනතාවගෙන් ලබාගත් සෑම ශතයක්ම ආපසු ගෙවන තෙක් රට තුළ සිටිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
664 Views
Comments