මෙරට කාන්තාවන් 5ක ගෙන් එක් අයෙක් සහකරුගේ හිංසනයට ලක් වෙලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
29

මෙරට කාන්තාවන් 5ක ගෙන් එක් අයෙක් සහකරුගේ හිංසනයට ලක් වෙලා

මෙරට කාන්තාවන් 5ක ගෙන් එක් අයෙක් සහකරුගේ හිංසනයට ලක් වෙලා

ශ‍්‍රී ලංකාවේ සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම සිය ජීවිත කාලය තුළදී තම සහකරුවාගෙන් ශාරීරිකව සහ  ලිංගිකව හිංසනයට ලක්ව ඇතැයි මෑතදී සිදුකළ සමීක්‍ෂණයක් මගින් හෙළි වී ඇත.



තම ස්වාමිපුරුෂයා, එකට ජීවත්වන සහකරුවා හෝ පෙම්වතා ලෙස හඳුන්වන මින් ඕනෑම සමීප සහකරුවෙකු ගෙන් මේ ශාරීරික හා ලිංගික හිංසන සිදුව ඇත.



එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කොළඹ කාර්යාලය විසින් ඊයේ (28 ) උදේ කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්හිදී පැවැත්වූ මාධ්‍ය වැඩමුළුවකදී මේ තොරතුරු ආනාවරණය විය.



ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කාන්තා සුබසිද්ධිය සමීක්‍ෂණයේ ප‍්‍රතිඵල මගින් මේ තොරතුරු හෙළිදරව් වී ඇත.



මෙසේ ශාරීරික හිංසනය අත්විඳි කාන්තාවන් ්ගෙන් බොහොමයක් ලිංගිකව ද හිංසනයට ලක්ව තිබූ බව මෙම සමීක්‍ෂණයේ දත්ත විශ්ලේෂණයෙන් හෙළි වී ඇත.



මෙම සමීක්‍ෂණයේදී කාන්තාවන් මුහුණ දුන් බවට වඩාත් සුලභව වාර්තා වූ හිංසන හැසිරීම් රටාව වූයේ සහකරු විසින් කාන්තාව තම පාලනයට නතුකර ගැනීම වෙනුවෙන් කරන ලද බලපෑම වූ අතර එය සියයට 19.1 ක් බව ද හෙළි වී තිබිණි.



එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ‍්‍රී ලංකාවේ නේවාසික නියෝජිත කුන්ලේ අදේනියි මහතා සහ එහි ජාතික වැඩසටහන් සහ ප‍්‍රතිපත්ති විශ්ලේෂක ශාරිකා කුරේ මහත්මිය ද මෙහිදී කතා කළහ.

views

617 Views

Comments

arrow-up