දිවයිනේ සියලු පාසල් විවෘත කරන දිනය ප්‍රකාශයට පත් කෙරේ

දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා (15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පවසයි.
බස්නාහිර පළාතේ පාසල් 492 න් පාසල් 412 ක් පෙබරවාරි 15 වැනිදා නැවත ආරම්භ කරන බවත් ඉතිරි පාසල් 80 මාර්තු 15 වැනිදා නව පාසල් වාරයත් සමඟ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.
එළඹෙන මාර්තු 1 වන දා සිට 11 වන දා තෙක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ඉන් අනතුරුව, මාර්තු 15 වැනි සඳුදා සිට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව දිවයිනේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.
බස්නාහිර සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් මේ වන විටත් විවෘත කර ඇති අතර, බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගියදා පියවර ගැනුණි.
857 Views
Comments