කොරෝනාවෙන් මාස 16ක ළදරුවෙක් මිය යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
02

කොරෝනාවෙන් මාස 16ක ළදරුවෙක් මිය යයි

කොරෝනාවෙන් මාස 16ක ළදරුවෙක් මිය යයි

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් වුරුද්දකුත් මාස 4ක් වයසැති දරුවෙක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

 

"මීට දින 11කට පෙර අවුරුද්දකුත් මාස 4ක් වයසැති දරුවෙකු රෝහලට ඇතුළත් කළා. මේ කුඩා දරුවා ඇතුළත් කිරීමේදී උණ සහ සෙම අමාරු තිබුණා. ඇතුළත් කළ මොහොතේ සිට එම දරුවා ඉතාමත් අසීරු තත්ත්වයෙන් පසුවුණේ. ඒ නිසා දරුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. දින 11ක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගත්තා. කෙසේවෙතත් දරුවා බේරා ගැනීමට හැකියාවක් තිබුණේ නෑ. දරුවාට නිව්මෝනියා තත්ත්වය වැළඳිලා තිබ්බා. එම කුඩා දරුවා අවස්ථා දෙකකදීම කොරෝනා ආසාදිත බවද තහවුරු වෙලා තිබුණා. මේ දරුවාගේ මවත් පියාත් දෙදෙනාම කොරෝනා රෝගය වැළඳී ස්ථාන දෙකක ප්‍රතිකාර ලබමින් සිටින බවද අනාවරණය වුණා. මෙම දරුවාගේ පදිංචිය කොළඹ 02 ප්‍රදේශයේ."

 

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළා

views

2185 Views

Comments

arrow-up