මාළු පරිභෝජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

හොදින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කළා.
ඒ අනුව ඒ පිළිබද පැතිර යන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙසයි එම අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කොරෝනා වෛරසය ඕනෑම පෘෂ්ඨයක රැදී තිබිය හැකි බව පිළිගත් සිද්ධාන්තයයි.
එම පදනම අනුව, මාළු පිසීම හෝ මත්ස්‍ය ගබඩා කිරීම වැනි කටයුතු වලදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
තවද මත්ස්‍ය වෙළදාම් කරන පදනමකින් තොරව ස්ථාන වසා දැමීමට අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන් මහතා දැනුම් දෙනවා.
830 Views
Comments