පලමුවරට ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

පලමුවරට ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ඉක්මවයි

පලමුවරට ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ඉක්මවයි

ලොව පුරා දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ පළමුවරට හාර ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා. කොරොනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ මේ දක්වා කාලය තුළ පැය 24කදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන මෙය වන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.

 

යුරෝපා රටවල නැවත වරක් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම දක්නට ලැබෙනවා. පසුගිය සතිය තුළ යුරෝපයේ දිනක දී වාර්තා වූ ආසාදිතයින්ගේ සාමාන්‍ය එක්ලක්ෂ හතලිස් දහසක් පමණ වන බවද විදෙස් වාර්තාවල සදහන්. ලොවපුරා වාර්තා වන ආසාදිතයින් සිය දෙනෙකුගෙන් 34 දෙනෙකු ම යුරෝපා රටවලින් වාර්තා වීමද විශේෂත්වයක්.

 

මේ හේතුවෙන් යුරෝපා රටවල් රැසක් ලිහිල කර තිබූ සීමා රැුසක් යලි දැඩි කර තිබෙනවා. ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බ‍්‍රසීලයෙන්ද කොරෝනා රෝගීන් වාර්තා වීම ඉකුත් සතියේදී වැඩි වී ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

views

759 Views

Comments

arrow-up