හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකට විනය හේතුන් මත කන්කස්න්තුරේට මාරුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකට විනය හේතුන් මත කන්කස්න්තුරේට මාරුවක්

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකට විනය හේතුන් මත කන්කස්න්තුරේට  මාරුවක්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක් මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

 

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ලබාදී තිබු ස්ථාන මාරුවක් ද වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බවයි වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සඳහන් කරන්නේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාද විනය හේතුන් මත කන්කසන්තුරය කොට්ඨාශය වෙත මාරු කර යවා තිබෙනවා. ඒ උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍යය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩබැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා පවසන්නේ.

 

views

828 Views

Comments

arrow-up