මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින ආරක්ෂක හමුදා සාමාජිකයින්ට නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින ආරක්ෂක හමුදා සාමාජිකයින්ට නිවේදනයක්

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින ආරක්ෂක හමුදා සාමාජිකයින්ට නිවේදනයක්

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින යුද, ගුවන්, නාවික සහ සිවිල් ආරක්ෂක බලකායන්හි රාජකාරි කරන සියලුම පුද්ගලයින් නැවත දන්වන තුරු රාජකාරි ස්ථාන වලට රපෝර්තු නොකරන ලෙසට ආයතන ප්‍රධානින් වෙත දන්වා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාධිපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඉහත ප්‍රදේශ දෙක හැර ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින අනෙකුත් අයවලුන් හෙට දින (05) පමණක් රාජකාරි සඳහා රපොර්තු නොකරන ලෙසත් තවද කඳවුරු තුළ එම ප්‍රදේශවල සිටින අයවලුන් කඳවුරු තුළම රඳවාගන්නා ලෙසට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් යුධ හමුදා මාධ්‍ය අංශය මේ බව සඳහන් කරයි.

views

889 Views

Comments

arrow-up