රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කොරෝනා

රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට කොරෝනා

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

 

 

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ ශ්‍රී ලංකා රේගු වරායේ ඉඟුරුකඩේ හංදිය ආශ්‍රිතව තිබෙන භාණ්ඩ නිශ්කාෂණ කරන මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුවේ සේවයේ නියුතු රේගු පරීක්ෂකවරු දෙදෙ‌නෙකුට කොවිඩ් වෛරසය වැළදී ඇති බවයි.

 

 

එම ආසාදිතයින් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.

 

 

මොවුන් කොළඹ හා ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සදහන් කළේය.

 

 

මේ අතර කොවිඩ්-19 වෛරසය මෙරට තුළ පැවැති මුල් අවධියේ සේම මෙවර ද අත්‍යවශ්‍ය භාණ්ඩ, බෙහෙත් වැනි දේ ආයෝජන කලාපවලට ප්‍රවාහනය කරන අතර, අමුද්‍රව්‍ය වැනි දෑ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිශ්කාෂණය කිරීමට ප්‍රමුඛතාවය දෙමින් අනෙකුත් සාමාන්‍ය භාණ්ඩ යම් කිසි සීමා කිරීමට ලක්කිරීමට අද දින සිට බලාපොරොත්තු වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

views

689 Views

Comments

arrow-up