කතෝලික පල්ලියක් ආසන්නයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4ක්

යාපනය නගරයේ කතෝලික පල්ලියක් ආසන්නයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමගනින් ඩෙටනේටර් තොගයක් (13) දින සවස සොයාගත් බවට යාපනය පොලිස් විශේෂකාර්ය බලකාය පවසනවා.
යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව යාපනය සෙන්පැටික්ස් කතෝලික පල්ලියක් ආසන්නයේදී සඟවා තිබියදී මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.
එහිදී පාර්සලයක ඔතා සඟවා තිබූ පුපුරණද්‍රව්‍ය කිලෝ 4 යි ග්‍රෑම් 3 ක ප්‍රමාණයක් සහ විදුලි නොවන ඩෙටනේටර් 10 ක් තිබී පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් විසින් සොයාගනු ලැබුවා..
අදාල පුපුරණද්‍රව්‍ය තොගය සඟවන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර විශේෂ පරික්ෂණයක් ආර්ම්භ කොට ඇති බවටද යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පවසනවා.
858 Views
Comments