MAR
07
අසනීප නම් අද පාසල් යන්න එපා..!

අද(07) දින නැවත පාසල් ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
එවැනි රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් එම ලක්ෂණ පහවූ පසු ඔවුන් පාසල්වලට යැවීමට මවුපියන් වගබලා ගත යුතු බවද හෙතෙම සඳහන් කර සිටිනවා.
699 Views
Comments