ලංවා සිමෙන්ති සදහා අමුද්‍රව්‍ය රැගත් නැව් 6ක් හම්බන්තොට වරායට

හම්බන්තොට අන්තර්ජාතික වරාය (HIP), නව වසරේ වැඩකටයුතු ශුභවාදීව ආරම්භ කරමින්, දකුණු පළාතේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදක ආයතනය වන ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පෞද්ගලික) සමාගම සහ ඉන්සී සිමෙන්ති සමාගම සඳහා අමුද්‍රව්‍ය භාණ්ඩ නෞකා 6ක ගොඩබෑම් නිමකර තිබේ.
මෙම සමාගම් ඔවුන්ගේ සැපයුම් දාම කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් 2021 අග භාගයේ දී හම්බන්තොට වරාය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්ව ගිවිසුම් අත්සන් කර තිබෙන අතර ඒ අනුව, නිෂ්පාදකයන් දෙදෙනා සඳහා සිමෙන්ති අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 265,163ක පූර්ණ පරිමාවක් මේ වසරේ ජනවාරි මස අග වන විට වරාය හසුරුවා ඇත.
755 Views
Comments