රුසියානු සහ යුක්රේන ජාතිකයින් වැඩි වශයෙන් මෙරටට

රුසියා සහ යුක්රේන ජාතිකයින් මේ වන විට ලංකාවේ වැඩි වශයෙන් සංචාරයේ නිරත වන බව රජයේ නිල දත්ත පෙන්වා දෙනවා.
ඒ පවතින යුධමය වාතාවරණය යටතේ උග්‍ර වී ඇති ආතතිය හේතුවෙන් බවයි හින්දු පුවත්පතේ වාර්තාවක දැක්වෙන්නේ.
මෙම වසරේ පෙබරවාරි 11 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් 113,670 න් 18,044 ක් එනම් 15.8%ක් රුසියානුවන් වන අතර එම කාලය තුළ යුක්රේනියානුවන් 9,883 ක් හෙවත් 8.7%ක් මෙරට සංචාරය සඳහා පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ජනවාරි මාසික වාර්තාවට අනුව ගෙවුණු වසර කිහිපයට සාපේක්ෂව මෙරට සංචාරය සඳහා රුසියානු සංචාරකයින්ගේ පැමිණිම විශාල ලෙස වර්ධනය වී ඇති බව දැකගත හැකියි.
රුසියාවේ Aeroflot ගුවන් සමාගම සහ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය අතර ඇතිකරගත් එකඟතාවකට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරනු ලැබුවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මෙම වසර තුළ අවම වශයෙන් සංචාරකයින් මිලියන 1.1ක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වසර 2ක පමණ කාලයක් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි දෙස බලපෑම් එල්ලවුණු අතර මේ වන විට එම තත්ත්වය යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා.
එය බිඳවැටී ඇති මෙරට ආර්ථිකය යළි නගාසිටුවීම උදෙසා යම් රුකුලක් වනු ඇති.
1190 Views
Comments