මහින්ද ගිය සුපිරි ජෙට් යානය ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

මහින්ද ගිය සුපිරි ජෙට් යානය ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

මහින්ද ගිය සුපිරි ජෙට් යානය ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුමලේ තිරුපති කෝවිලට ගිය පෞද්ගලික සංචාරයත්, ඒ සඳහා ජෙට් යානයක් ‘ත්‍යාග’ විදියට ලබා ගනිමින් අල්ලස් පනත කඩකරමින් අල්ලසක් ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීමත් යන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අල්ලස් කොමිසම තීන්දු කර ඇති බව වාර්තා වනවා.

 

 

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා විසින් 2021 දෙසැම්බර් 31 වැනිදා සිදු කළ පැමිණිල්ලක් (අංක බීසී/ 181/ 2022 ) මත අල්ලස් කොමිසම විසින් අදාල විමර්ශනය සිදු කරන අතර ඒ අනුව අදාල විමර්ශනය පිළිබඳව දැනුම් දෙමින් අල්ලස් කොමිසමේ ලේකම් අප්සරා කල්දේරාගේ අත්සනින් යුතුව 2022 පෙබරවාරි 02 දිනැතිව අල්ලස් කොමිසම තරිඳු උඩුවරගෙදර මහතා වෙත ලිඛිතව දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

views

658 Views

Comments

arrow-up