බූස්සම හැඬවූ අනතුර - මිය ගිය පිරිස අතර එකම පවුලේ තිදෙනෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
01

බූස්සම හැඬවූ අනතුර - මිය ගිය පිරිස අතර එකම පවුලේ තිදෙනෙක්

බූස්සම හැඬවූ අනතුර - මිය ගිය පිරිස අතර එකම පවුලේ තිදෙනෙක්

බෙලිඅත්ත සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින සීඝ්‍රගාමී දුම්රිය ට බූස්ස ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ

 

අතර එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බූස්ස, වැල්ලබඩ පදිංචි එකම පවුලේ පියා, පුතා සහ පුතාගේ බිරිඳ සහ බිරියගේ මව බවයි අද පෙරවරුවේ මෙම පිරිස ගමන්ගත් ත්‍රීරෝද රථය වැල්ලබඩ, රිල්ලඹ හන්දිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජින දුම්රියේ ගැටී තිබේ.

views

748 Views

Comments

arrow-up