යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 11ක් අත්අඩංගුවට

යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ආසන්නයෙන් මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 11ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මුහුදු ප්‍රදේශයේදී ඊයේ (7) රාත්‍රියේ කළ සෝදිසි මෙහෙයුමකදී යාත්‍රාව සමග ඉන්දීය ජාතිකයින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු ළ බව නාවික හමුදාව පවසයි..
විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නිතීවිරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම සැළකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, විදේශිය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් සිදු කරන මම ද නාවික හමුදාව සඳහන් කරයි.
623 Views
Comments