නන්දිකඩාල්, නයාරු, සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පතකෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

නන්දිකඩාල්, නයාරු, සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පතකෙරේ

නන්දිකඩාල්, නයාරු, සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පතකෙරේ

නන්දිකඩාල්, නයාරු, සාම්බලතිව් කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කිරීමට තීරණය කර තිබෙන බව වනජීවි හා වන සංරක්ෂණ‍ අමාත්‍යාංශය පවසනවා. 

 

ජෛව විවිධත්වයෙන් අනූන සාම්බලතිව් කලපුව වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ. 


 
ඒ අනුව නයාරු සහ නන්දිකඩාල් කලපු දෙක ආරක්ෂා කර ගැනීමට කරුණු අධ්‍යයනය සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබෙනවා. 


 
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක එම කමිටුවට වනජීවී දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ නියෝජිතයින්ද ඇතුළත් වනවා. 


 
සති 02 ක් තුළ මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා විසින් එම කමිටුවට දැනුම්දී තිබෙනවා.

views

263 Views

Comments

arrow-up