කොවිඩ් නිසා ඇරුණු මැතිසබයේ දොරවල් යළි වැසෙයි

රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී දවස පුරා විවෘත කෙරුණු පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන ප්‍රධාන දොරවල් නැවතත් වසා දැමීමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.
මේ අනුව ලබන සතියේ ආරම්භක රැස්වීම් දිනයේ සිටම එම දොරවල් වසා තැබෙනු ඇත.
කොරෝනා පැතිරීමත් සමග වෛද්‍ය නිර්දේශ මත මෙම දොරවල් රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී විවෘත කෙරුණේ පාර්ලිමේන්තු සභා ගර්භයට වාතාශ්‍රය ලබාදීමේ පියවරක් ලෙස බවද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් තත්වය බොහෝදුරට පාලනයවී ඇති හෙයින් දැන් ඒවා වසා දැමීම ගැටළුවක් නොමැති බව වෛද්‍යවරුන් දැනුම්දී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන දොරවල් රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී නැවතත් වසා දැමීමට තීරණය කළ බව වේත්‍රධාරිවරයා වැඩිදුරටත් පැවසීය.
269 Views
Comments