පළිබෝධනාශක ආනයනකරුවන් කෘෂිකර්ම ඇමති හමුවෙයි

පළිබෝධනාශක ආනයනය කරන සමාගම්වල නියෝජිතයින් අද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවී තිබෙනවා.
මෙහිදී එළවළු ඇතුළු බෝග සඳහා අවශ්‍ය දිලීර නාශක සහ පලිබෝධනාශක ආනයනය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර ග්ලයිෆෝසෙට් ඇතුළු කෘෂි කෘෂිරසායන කිහිපයක් ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ටර් වරයා එම ධුරයෙන් ඉවත් කර කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙනත් තනතුරකට පත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පුරප්පාඩු වූ පලිබෝධනාශක රෙජිස්ටාර් තනතුර ට වැඩබලන වැඩ බලන රෙජිස්ටාර් වරයකු පත්කිරීම ට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇත.
731 Views
Comments