කෝවිඩ් මරණ අනුපාතය බිය ගන්වන සුළුයි - රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

කෝවිඩ් මරණ අනුපාතය බිය ගන්වන සුළුයි - රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය

කෝවිඩ් මරණ අනුපාතය බිය ගන්වන සුළුයි - රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය

මෙරට කොවිඩ් ආසාදිත මරණ අනුපාතය භිය ගන්වන සුළු තරම් ඉහළ අගයක් ගන්නා බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

 

මේ වන විට ලංකාවේ කොරෝනා මරණ අනුපාතය 5.13%ක් පමණ වනවා. මෙය ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සසඳා බැලීමේදී ඉතා ඉහළ අගයකි.

 

පසුගිය සමයේ වෛරසයෙන් වැඩිම බලපෑමක් ඇති වූ රටවන ඇමරිකා එක්සත් ජනපදයේද මරණ අනුපාතය  දැක්වූයේ 0.66% තරම් පහළ අගයකි. දරුණු ඩෙල්ටා ප්‍රභේදය පැතිරුණු ඉන්දියාවෙන් වාර්තා වූයේ 1.33%කි.

 

දත්ත වාර්තාවන් සසඳා බැලීමේදී මෙරට පූර්ණ එන්නත් කරන ප්‍රතිශතය 18%ක් වන අතර එයද සාපේක්ෂව පහළ අගයකි.

 

එමෙන්ම ශ්‍රී ලංකාවේ රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය ද 24.7%ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා.

 

නවසීලන්තය වැනි රටවල එක් රෝගයක් හඳුනා ගැනීමට PCR පරීක්ෂණ 4000ක් සිදුකරන පසුබිමක මෙරට තුලින් සෑම PCR පරීක්ෂණ 15කටම වරක් රෝගියකු හඳුනා ගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

 

මෙම කරුණු ඉදිරිපත් කරමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ වසංගත රෝග විද්‍යා ඒකකය කුමන අර්ථකථන ලබාදෙමින් නිදහසට කරුණු කීවද මෙරට තුළ සිදුකරන PCR සංඛ්‍යාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

 

 

views

2023 Views

Comments

arrow-up