ලංකාවේදී හැදූ තවත් නෞකා දෙකක් ඉරාකයට භාර දෙයි - (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

ලංකාවේදී හැදූ තවත් නෞකා දෙකක් ඉරාකයට භාර දෙයි - (PHOTOS)

ලංකාවේදී හැදූ තවත් නෞකා දෙකක් ඉරාකයට භාර දෙයි - (PHOTOS)

මෙරට නාවික කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නට කොළඹ නෞකා තටාංගනය  සමත් ව තිබෙනවා.

 

ඒ ඉරාක වරාය සමාගම වෙනුවෙන් කොළඹ නෞකා තටාංගනය ඉදිකළ නවතම නෞකා දෙකක් එරටට ප්‍රවාහනය ආරම්භ කිරීමත් සමඟයි.

 

මෙරට නාව්ක ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් මෙම නව නෞකා 2 ඉරාකයේ වරාය කරා මෙරටින් නික්ම ගියේ චීනයේ සිට මෙහි පැමිණි නෞකා ප්‍රවාහන යාත්‍රාවක් වන ඩෙවලොප්මන්ට් වේ නෞකාවට පැටවීමෙන් අනතුරුවයි.

 

මෙරට නිෂ්පාදනය කළ නෞකාවක් මෙලෙස ප්‍රවාහනය කෙරෙන පළමු වතාව මෙයයි.

 

චීනයේ නිෂ්පාදිත නෞකා ප්‍රවාහන යාත්‍රාවක් වන ඩෙවලොප්මන්ට් වේ නෞකාවට “අල්-ෆෝ” සහ “ෂැට් අල්-අරාබි” යන අති නවීන නෞකා 2 පටවනු ලැබුවේ පසුගිය 16 වැනිදායි.

 

නෞකා පැටවීමේදී අඩක් ජලයේ ගිලීයාමේ පහසුකම්වලින් සමන්විත ඩෙවලොප්මන්ට් වේ යාත්‍රාවේ මෙම මෙහෙයුම කොළඹ නෞකා තටාංගනයටත් කොළඹ වරායටත් අලුත් අත්දැකීමක් වූ බවයි එහි ප්‍රකාශකයෙකු අප සමග කියා සිටියේ.
 

 

තවත් සතියකින් පමණ කාලයකින් “අල්-ෆෝ” සහ “ෂැට් අල්-අරාබි” යන අති නවීන නෞකා 2 සිය ගමනාන්තය වන ඉරාක වරායට සේන්දු වන බවත් එහිදී එම නෞකා ගොඩ බෑමේ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහාද කොළඹ නෞකා තටාංගනය සේවකයින් පනස් දෙනකු පමණ එහි යාමට නියමිත බවත් එම ප්‍රකාශකයා අප සමග වැඩිදුරටත් කියා සිටියා.

 

ජපානයේ ටොයෝටා සුෂෝ සංස්ථාව මෙම නෞකා තැනීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව අත්සන් කළ අතර පසුව එය කොලඹ නැව් තටාංගන සමාගම වෙත උප කොන්ත්‍රාත් ලබා දී තිබෙනවා.

 

1974 දී ආරම්භ කරන ලද කොළඹ ඩොක්යාර්ඩ් සමාගම ප්‍රධාන වශයෙන් නැව් තැනීම සහ නැව් අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා වසර 47 ක අද්දැකීම් ඇති දකුණු ආසියාවේ වඩාත්ම තරගකාරී හා ප්‍රමුකතම නැව් තැනීමේ හා නැව් අලුත්වැඩියා කිරීමේ ආයතනයක් ලෙස ජාත්‍යන්තර කීර්තියක් හිමිකරගත් ආයතනයක්.

 

01.

 

 

02.

 

 

03.

 

 

 

04.

 

 

 

05.

 

 

views

1975 Views

Comments

arrow-up