දැරියකට ඉගැන්වීමට කැඳවාගෙන ගිය සිසුවිය අතවර කර මරා දමයි - අක්කාගේ මිතුරිය සහ අනියම් සැමියා අතුරුදහන්

දඹුල්ල, අතුපාරයාය ප්‍රදේශයේ පාඩම් කියාදීමට බව පවසා කැඳවා ගෙන ගිය 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට අතවර කර අභිරහස් ලෙස ඝාතනය කර පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ පදිංචිව සිටි සහෝදර සහෝදරියන් පස්දෙනකුගෙන් යුතු පවුලක 14 හැවිරිදි බුද්ධිමා පි‍්‍රයමාලි නමැති දැරියකි.
විමර්ශන වලදී අනාවරණයවී ඇති ආකාරයට මෙම දැරිය ඝාතනයට ලක්ව තිබෙන්නේ ඉකුත් 06 වැනිදා උදේ වරුවේදී වන අතර සිරුර අතුපාරයාය ප්‍රදේශයේ පාළු නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ පසුගිය 09 වනදා සවස් කාලයේදීයි.
දැරියගේ සිරුර සොයාගන්නා විට ඇගේ සිරුරේ ඇඳුම් සියල්ල ඉවත්කර තිබූ බවත් එය දැඩි ලෙස කුණු වී විකෘති වී තිබූ බවත් පොලිසිය පවසයි.
පොලිස් විමර්ශනවලිදී අනාවරණයවී ඇති ආකාරයට මෙම අපරාධය සිදුකර තිබෙන්නේ ඝාතනයට ලක්වූ දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ ළඟම මිතුරියගේ අනියම් සැමියා විසිනි.
සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විටත් ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනයවූ දැරියගේ වැඩිමල් සොහොයුරිය 25 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ සමීපතම පාසල් මිතුරියක් බව කියන ගයාත්‍රී නමැත්තිය මීට වසර කීපයකට පෙර දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ.
එම කාන්තාව නීතයානුකූල සැමියාගෙන් වෙන්වී වෙනත් පිරිමි පුද්ගලයෙකු සමඟ මෙම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචියට පැමිණ සිටි අතර ගයාත්‍රිගේ මුල් විවාහයේ 08 හැවිරිදි දියණියද ඇය සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇත.
ඝාතනයට ලක්වූ දැරියගේ වැඩිමහල් සොහොයුරිය සමඟ එම කාන්තාව සමීප සබඳතා පවත්වා තිබේ.
පවුල් දෙක ඉතාම සමීපව ඇසුරු කර ඇති අතර ඔවුන් එකට විනෝදචාරිකා පවා ගොස් ඇති බව පොලිසිය කියි.
ඉකුත් 06 වැනිදා උදේ 7.30ට පමණ ගයාත්‍රිගේ අනියම් සැමියා 06 හැවිරිදි දියණියද සමඟ යතුරු පැදියෙන් ඝාතනයට ලක්වූ බුද්ධිමාගේ නිවසට පැමිණ දැරියට පාඩම් කියාදීමට බව පවසා තම නිවසට කැඳවාගෙන යාමට පැමිණ බව ගයාත්‍රිගේ අනියම් සැමියා එහිදී පවසා තිබේ.
ඒ අවස්ථාවේ බුද්ධිමා පවසා ඇත්තේ තමාට එදින සවස 3.30 ට ඔන්ලයින් පන්තියක් ඇති බවයි.
ඔන්ලයින් පංතිය ආරම්භ වීමට පෙර ආපසු නිවසට ඇරලවන බව ගයාත්‍රිගේ සැමියා පැවසූ පසු බුද්ධිමා ඔවුන් සමඟ යතුරුපැදියේ නැගී ගයාත්‍රි පදිංචිව සිටි කුලී නිවස වෙත ගොස් තිබේ.
එදින සවස් කාලය වනතුරු බුද්ධිමා නිවසට නොපැමිණීම හේතුවෙන් ඇගේ මවුපියන් ගයාත්‍රිගේ නිවසට ගොස් ඇත. එම අවස්ථාවේ ඔවුන් දැක් ඇත්තේ නිවසේ කිසිවෙකුත් නොමැති බවයි. තම දියණියද සමඟ ගයාත්‍රි කොහේ හෝ යන්නට ඇති බව සිතූ මවුපියන් ආපසු නිවසට ගොස් තිබිණි.
ගයාත්‍රිගේ සහ ඇගේ අනියම් සැමියාගේ ජංගම දුරකථන වලට ඇමතුම් ලබාගත්තද ඒවා විසන්ධි කර තිබිණි.
බුද්ධිමා අතුරුදන්වූ දිනට පසු දින ඇගේ පවුලේ සාමාජිකයන් කිසියම් අවශ්‍යතාවක් සඳහා වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති අතර ඇය පිළිබඳව සොයා බලා නැත.
පසුගිය 08 වැනිදා ද බුද්ධිමා නිවසට නොපැමිණි හේතුවෙන් ඇගේ මවුපියන් ගයාත‍්‍රිගේ මහගෙදරට ගොස් ඔවුන් පිළිබඳව විමසා පසුව ගයාත්‍රි සහ ඇගේ අනියම් සැමියා කලින් පදිංචිව සිටි කුලී නිවසටද ගොස් කල සොයා බැලීමේදී ඔවුන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නැත.
ඒ අනුව බුද්ධිමාගේ මව විසින් තම දියණියගේ අතුරුදන්වීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙන්නේ 08 වැනිදායි.
පොලිස් කණ්ඩායම් ගයාත්‍රි පදිංචිව සිටි කුලී නිවස පරීක්‍ෂා කිරීමේදී ඉන් කුණු ගඳක් වහනය වී ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් නිවසේ ජනේලයක් කඩා පරීක්‍ෂා කිරීමේදී කාමරයක් තුළ ඇඳක් මත රෙදි වලින් ඔතා තිබූ නිරුවත් මළ සිරුර සොයාගෙන තිබේ.
ගයාත්‍රි නම් කාන්තාවගේ අනියම් සැමියා බුද්ධිමාව රැගෙන ගොස් නිවසේදී අතවර කර ඇය ඝාතනය කර පලායන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
සිදුවිම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරික්‍ෂණ ක්‍රියාත්මකයි.
15040 Views
Comments