අනීතික ඝාතන වහා නවතා දැමිය යුතුයි - විපක්ෂ නායක (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
13

අනීතික ඝාතන වහා නවතා දැමිය යුතුයි - විපක්ෂ නායක (VIDEO)

අනීතික ඝාතන වහා නවතා දැමිය යුතුයි - විපක්ෂ නායක (VIDEO)

විවිධ හේතු ගෙන හැර පාමින් මේ වන විට ආණ්ඩුව විසින් සිදු කරනු ලබන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

 

අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු වූවත් නීතියට පිටින් ගොස් හිතුමනාපයට ඝාතන සිදු කළ නොහැකි බවයි විපක්ෂනායකවරයා ප්‍රකාශ කරන්නේ. සිදුවෙමින් පවතින යම් යම් සිදුවීම් අනුව ආණ්ඩුව යමින් සිටින්නේ ඒකාධිපති ආඥාදායක ගමනක් බව පැවසූ විපක්ෂනායකවරයා ඊට එරෙහිව සමගි ජන බලවේගය පෙරට එන බව වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

 

අද (13) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක වරයා කියා සිටියේ පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍යය අවනීතිය රජ කරන පැසිස්ට් රාජ්‍යයක් බවට පත් වන බවයි.

 

එවන් ඝාතන තුළින් සැකකරු සමග ගනුදෙනු කළ දේශපාලනඥයන්ට සහ ඉහළ පෙළේ ජාවාරම්කරුවන්ට නීතියේ රැහැනින් පැන යාමට හැකි වනවා මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ජනතාව විසින් තබා තිබූ විශ්වාසය ද අහෝසි යන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

 

views

391 Views

Comments

arrow-up