මේ කරන වැඩ නිසා අපිට කොන්ද කෙලින් තියාගෙන ගමට යන්න බෑ - කටාන උප සභාපති (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

මේ කරන වැඩ නිසා අපිට කොන්ද කෙලින් තියාගෙන ගමට යන්න බෑ - කටාන උප සභාපති (VIDEO)

මේ කරන වැඩ නිසා අපිට කොන්ද කෙලින් තියාගෙන ගමට යන්න බෑ -  කටාන උප සභාපති (VIDEO)

පොහොට්ටුවේ කටයුතු හේතුවෙන් තමන්ට මේ වනවිට කොන්ද කෙලින් තියාගෙන ගමට යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිර ප්‍රනාන්දු මහතා පවසනවා.

 

පොදුජන පෙරමුණ කටාන ආසන බල මණ්ඩල රැස්වීමේදී කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිර ප්‍රනාන්දු මහතා පක්ෂයේ ප්‍රධානීන් හට බරපතළ විවේචනයක් එල්ල කළේය.

 

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් යන මහත්වරුන් මෙම උත්සවයට සහභාගීව සිටිනු දැකගත හැකි විය.

 

මෙහිදී ඒ මහතා කියා සිටියේ 2015 සිට කැන්වසින් ගිය කිසිදු පොහොට්ටු සාමාජිකයකුට රැකියාවක් ලැබී නැති බවත්, රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ කටාන ආසනයට ලැබුණු රැකියා 700 පවා යහපාලනයට සම්බන්ධ හිතවතුන්ට බෙදා දී ඇති බවත් ඒ මහතා කීය.

 

මේ වනවිට කටාන මන්ත්‍රීවරු පවා දැඩි කලකිරීමකට පත්ව සිටින බවද ඒ මහතා කීය.

 

 

views

1345 Views

Comments

arrow-up