“මීට පස්සෙ එක දේශපාලකයෙක් මල්වතු විහාරය පැත්ත පළාතක එන්න එපා” - මහනාහිමි දැඩි තීන්දුවක
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
03

“මීට පස්සෙ එක දේශපාලකයෙක් මල්වතු විහාරය පැත්ත පළාතක එන්න එපා” - මහනාහිමි දැඩි තීන්දුවක

“මීට පස්සෙ එක දේශපාලකයෙක් මල්වතු විහාරය පැත්ත පළාතක එන්න එපා” - මහනාහිමි දැඩි තීන්දුවක

මින් ඉදිරියට කිසිදු දේශපාලනඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට තීරණය කළ බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල  මල්වතු පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ.

 

මෙරට පොදු ජනතාව මේ වන විට පීඩා විඳින දුක් ගැහැටවලට දේශපාලකයන් මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා නොදී කල් මැරීම හැර කිසිදු දෙයක් නොකරන නිසා මෙම තීරණය ගෙන ඇත.

 

ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාවය මත පවතින අර්බුදයෙන් රට මුදවා ගැනීම පිණිස තාවකාලිකව සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනා හයක් ඇතුළත් කර ජනාධිපති, අගමැති හා පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහා නා හිමියන් මෙම තීරණයට එළඹ තිබේ.

views

683 Views

Comments

arrow-up