SEP
04
ගුවන් යානා තෙල් තිබෙන්නේ තවත් දින 10කට පමණයි

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන හා පිටව යන ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ගුවන්යානා ඉන්ධන ප්‍රමාණවත් නැතැයි විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
දැනට ගබඩාවල ඇති ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින 10ක උපරිම සති දෙකක කාලයකට බවද හෙතෙම පැවසීය.
එම නිසා ගුවන්යානා ඉන්ධන ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍යවරයා තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇත.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.
248 Views
Comments