සහල් කිලෝව 290ක් කරන්න වෙනවා..- මෝල් හිමියන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

සහල් කිලෝව 290ක් කරන්න වෙනවා..- මෝල් හිමියන්

සහල් කිලෝව 290ක් කරන්න වෙනවා..- මෝල් හිමියන්

 

සැප්තැම්බර් මාසයේ සිට සහල් කිලෝවක මිල රුපියල් 290 ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි මහා පරිමාණ සහල් මෝල් හිමියෝ සඳහන් කරති.


ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ යල කන්නයේ වී කිලෝවක් රුපියල් 140-150ත් අතර මිලකට මිලට ගැනීමට සිදුවන නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.


ඊට අමතරව විදුලි ගාස්තු ප්‍රවාහන ගාස්තුත් ඉහළ යෑම ඇතුළු සෙසු කාරණා මතද සහල් මිල වැඩි කිරීමට සිදුවන බවද ඔවුන් පෙන්වා දෙති.

 

වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ අස්වනු වලට වැඩි මිලක් ගෙවීම හේතුවෙන් තමන්ටද මිල වැඩි කිරීමට සිදුව ඇති බවත් මෝල් හිමියන් සඳහන් කරති.

 

දැනට රජයේ පාලන මිලට සහල් අලෙවි කළ ද සැප්තැම්බර් 18 වැනිදා න් පසු වී මිල අනුව සහල් මිල තීරණය වන බව ද ඔවුන් තව දුරටත් කියා සිටිති.

views

185 Views

Comments

arrow-up