සනත් නිශාන්තගේ නිවසට ගිනි තැබූ 12ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

සනත් නිශාන්තගේ නිවසට ගිනි තැබූ 12ක් අත්අඩංගුවට

සනත් නිශාන්තගේ නිවසට ගිනි තැබූ 12ක් අත්අඩංගුවට

 

කුප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු (26) දින ආරච්චිකට්ටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පොලිසිය සදහන් කළේ මෙම පිරිස දේශපාලන පක්ෂ කිහිපයකට සම්බන්ධ පිරිසක් බවයි.

 

පසුගිය මැයි 9 වනදා රට පුරා ඇතිවූ කලහකාරී සිදුවීම් සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට ගිනිතබා විනාශ කර තිබුණා.

 

ඒ සනත් නිශාන්ත මහතා ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමට පැමිණි පිරිස අතර වන ඡායාරූප සමාජ මාධ්‍යයේ පලවීමත් සමගයි.

views

208 Views

Comments

arrow-up