රටපුරා සියලූම නගරවල අද පස්වරුවේ ගුරු උද්ඝෝෂණ

රටපුරා සියලූම නගරවල අද පස්වරුවේ ගුරු උද්ඝෝෂණ පැවැත්වෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කලා.
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පස්වරු 2.00ට ප්‍රධාන උද්ඝෝෂණය පැවැත්වෙන අතර ඊට ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විශාල පිරිසක් සහභාගීවන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියාසිටියේ.
ඊට සමගාමීව එම වේලාවටම දිවයිනේ අනෙකුත් නගරවලද ගුරු උද්ඝෝෂණ පැවැත්වෙන ගුරු වෘත්තීය සමිති සංධානය පවසයි.
695 Views
Comments