පිළියන්දල පිරිවෙනක හිමිවරු 69 ක් ඇතුළු 89 දෙනෙකු ස්වයං නිරෝධායනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

පිළියන්දල පිරිවෙනක හිමිවරු 69 ක් ඇතුළු 89 දෙනෙකු ස්වයං නිරෝධායනයට

පිළියන්දල පිරිවෙනක හිමිවරු 69 ක් ඇතුළු 89 දෙනෙකු ස්වයං නිරෝධායනයට

පිළියන්දල කහපොල, සිලුමිණ සෑය පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 89 දෙනකු එම පිරිවෙන තුළම අද (14) ස්වයං නිරෝධායනයට යොමු කළ බව පිළියන්දල පොලිසිය කියයි.

එහි වැඩ වසන හිමිනමකගේ මවක් පසුගිය දිනක එම හිමි නම බැලීම සඳහා පැමිණ පිටව යාමෙන් අනතුරුව ඇයට කොවිඩ් වයිරසය ශරීරගතවී ඇති බවට වාර්තාවීමෙන් අනතුරුව මෙම හිමිවරුන් පිරිස සහ අනෙකුත් පිරිස නිරෝධායනයට ලක් කළ බව පොලිසිය කියයි.

වෛරසය ආසාධිත කාන්තාව නෙවිල් ප්‍රනාන්දු ⁣රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කලා.

 

views

665 Views

Comments

arrow-up